Surprise Me!

ViyoGee

2025-12-20 4 Dailymotion

වියෝ ගී ගැයෙනා🌷

වියෝ ගී ගැයෙනා හදේ
ආදර මල් නොමියේ
සදා මේ සංසාරේ
අපේ හමුවීම නොවේ

අතීතයේ මායා, රූ කැඩී බිදී යාවී
අනාථ වූ මා දෑසේ, කතා නිමා වේවී
මගේ කදුළු හංගා, මා සිනාසිසී ඉන්නේ
ඔබේ ලොවේ හිරු පායා, සදා සිනාසේවා

අනාගතේ සිහිනේ, නෑ මෙදා සැබෑ වන්නේ
මිලාන වූ ආකාසේ, අපේ පැතුම් පාවේ
මගේ පැළේ තනිවී, මා සුසුම් හෙලන වේලේ
ඔබේ ලොවේ හිරු පායා, සදා සිනාසේවා

වියෝ ගී ...
සංගීතය - නිමල් මෙන් ඩිස්, ප්‍රේමලාල් දන්වත්ත​
පද රචනය - සුනිල් ආරියරත්න​
මුල් ගැයුම - නීලා වික්‍රමසිංහ 1978
නව ගැයුම - නිර්මලී නේත්‍රා මාකලන්ද​
නව සංගීත සංයෝජනය ​- හර්ෂ මාකලන්ද
සජීවි පටිගතකිරීම - ජනනාත් වරකාගොඩ ( Visions in Fusion Concert)